FAST NEWS

24×7 Around the Globe

ෆිදෙල් කැස්ත්‍රෝගේ වැඩිමහල් සහෝදරයා වූ රමොන් කැස්ත්‍රෝ අභාවප්‍රාප්ත වෙයි.

කියුබාවේ වත්මන් ජනාධිපති රාහුල් කැස්ත්‍රෝගේ හා කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ වැඩිමහල් සහෝදරයා වූ රමොන් කැස්ත්‍රෝ අභාවප්‍රාප්ත වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රමොන් කැස්ත්‍රෝ මියයනවිට 91 වන වියෙහි පසුවු අතර මොන්ගෝ යන ආදර නාමයෙන් ද ඔහු කියුබානුවන් හඳුන්වනු ලැබිය.

කියුබා කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වන හෙතම කියුබා පාර්ලිමේන්තු ජාතික සභාවේ උප ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

හවානා හිදී මියගිය ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු උපන් ගම වන බිරාන් හිදී සිදුකිරීමට තීරණයකර ඇති බවයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.