ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු බලධාරින් හෙට (25) දිනයේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවා තිබේ.
ඒ අනුව සිද්ධියට වගකිවයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලධාරීන් හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන කෝප් කමිටුව හමුවේ පෙනී සිටිනු ඇත.
ඉකුත් වසරේ දී සිදු වූ මෙම බැඳුම්කර නිකුතුව වසර 30 කාලයකට නිකුත් කරනු ලැබිය. ඒ සඳහා ලැබිය යුතු 9.5 පොලී ප්‍රතිශතය වෙනුවට 12.5 ප්‍රතිශතයකට නිකුත් කිරීමත් එම බැඳුම්කර නිකුත් කිරීමෙන් වැඩි ප්‍රමාණයක් මහ බැංකු අධිපතිවරයාගේ බෑනා විසින් ලබාගත් බවටත් දේශපාලන චෝදනා එල්ල විය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී මහ බැංකු අධිපතිවරයා සතුව කිසිදු වරදක් නොමැති බවට තීරණය කරනු ලැබිය.







