FAST NEWS

24×7 Around the Globe

2015 උසස් පෙළින් අසාධාරණයට ලක්වු පිරිසක් උද්ඝෝෂණයක.

2015 උසස් පෙළ විභාගයට පෙනී සිට අසාධාරණයට ලක්වූ බව කියන සිසුන් පිරිසක් හා ඔවුන්ගේ මව්පියන්  විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ.

ඔවුන් සඳහන් කර සිටින්නේ  2014 උසස් පෙළ විභාගයේදී ලබාගත් අඩු ප‍්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සිටීම නිසා 2015 ප‍්‍රතිඵල මත වඩා උසස් පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව තමන්ට අහිමි වී ඇති බවය.