තොටළඟ ප්‍රදේශයේ අනවසර නිවාස ඉදිකිරීම් ඉවත් කිරීම නිසා පීඩාවට පත්ව ඇති විරෝධතාකරුවන් නියෝජනය කරමින් පුද්ගලයින් 10 දෙනෙකු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමඟ සාකච්ඡාවක නිරතවු අතර ඉන් පසුව සිය විරෝධතාව නවතා දැමීමට විරෝධතා කරුවන් එකග වී ඇත.
මෙහි තත්වය සොයා බැලීමට කමීටුවක් පත් කරන බව අමාත්‍යවරයා පොරාන්දු වීමෙන් අනතුරුව ඔවුහු මෙම තීරණය ගෙන ඇත.
============================================(update)
තොටළඟ විරෝධතාකරුවන් කිහිපදෙනෙකු සමග ඇමති පාඨලි සාකච්ඡාවක.
තොටළඟ ප්‍රදේශයේ අනවසර නිවාස ඉදිකිරීම් ඉවත් කිරීම නිසා පීඩාවට පත්ව ඇති විරෝධතාකරුවන් නියෝජනය කරමින් පුද්ගලයින් 10 දෙනෙකු තමන්ට සිදු වී ඇති අසාධාරණය හා ඊට සාධාරණයක් ඉටු කර දෙන මෙන් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමඟ සාකච්ඡාවක නිරත වන බව වාර්තා වේ.







