FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂගේ ඇප පෙත්සම විභාගයට ගැනීම කල් තබයි.

සීඑස්එන් නාලිකාවේ දූෂණයක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුලු පස්දදෙනාට ඇප ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීම ලබන 29 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණය අද (17) තීරණය කළේය.

මෙම ඇප පෙත්සම විභාග කිරීමේ අවස්ථාවට සහභාගී වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද  අද (17)  මහාධිකරණය වෙත පැමීණ සිටියේය.