FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරීන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස්.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කරන විරෝධතා පාගමනක් කොළඹ කොටුවෙන් අද (16) ආරම්භ විය.

ලෝටස් වටරවුම දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු ඉදිරියට පැමිණෙමින් සිටිද්දී ඕල්කට් මාවත හිල්ටන් හෝටලය අසලදී පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

මේ වන විට උද්ඝෝෂකයෝ සෙරමික් වටරවුම අසල රැඳී සිටිති.