FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා යලි රිමාන්ඩ්.(update)

යෝෂිත ඇතුළු පස්දෙනා ලබන 25 තෙක් රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අද (11) නියෝග කළේය.

++++++++++++++++++++++++(update) 10.51 2016/02/11

යෝෂිත රාජපක්ෂ ඇතුලු පිරිස අද අධිකරණය හමුවට.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද(11) දිනයේ යළිත් අධිකරණය හමුවේ ඉදිරිපක් කීරීමට නියමිතව තිබේ.

සී.එස්.එන් නාළිකාවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකු පසුගියදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මහේස්ත්ත්‍රාත්වරයා නියෝග ‍කළේය.

ඒ අනුව අද දිනයේ යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.