ථේරවාදී භික්ෂු කතිකාව ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී තිබේ.
එබැවින් එය සම්මත කිරීමටනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුට දැනුම්දී ඇත.
එහෙත් ව්‍යවස්ථාවට අනනුකූල නොවන කොටස් ඉවත් කරන්නේනම් සාමාන්‍ය බහුතර බලයකින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට හැකියාවක් පවතින බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් බව කථානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට පෙන්වාදී තිබේ.







