FAST NEWS

24×7 Around the Globe

වැල්ලම්පිටියේ තිදෙනකුට වෙඩි තබා ඝාතනය කරයි.

වැල්ලම්පිටිය ගෙවල් 20 ප්‍රදේශයේදී ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ  පුද්ගලයින් 03 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

ඝාතනයට ලක්ව ඇත්තේ, 19, 24 හා 49 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකි.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයින් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.