බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඇප නියම කළේය.
රුපියල් දෙලක්ෂය බැගින් ඇප කරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන ලෙස ඥානසාර හිමියනට නියෝග කළේය.
මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතාගේ නඩුව අවස්ථාවේ අධිකරණයට අපහාස වන ලෙස හැසිරුණැයි සැක පිට ඒ හිමියන් රිමාන්ඩ් භාරයේ සිටියේය.
පැමිණිල්ල ලබන 23 වැනිදාට කල් තැබිණි.








