උතුරු කොරියාව ලබන පෙබරවාරි 8 ත් 25 ත් අතර දිනවලදී අභ්‍යවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාව සම්බන්ධයෙන් දකුණු කොරියාව හා ජපානය සිය විරෝධය පළ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
උතුරු කොරියාව පවසා තිබුණේ මෙම චන්ද්‍රිකාව පෘථිවිය ගවේෂණය කිරීම සඳහා යොදා ගන්නා එකක් බවයි. මෙය ලියාපදිංචි කළ චන්ද්‍රිකාවක් බවත් අනෙක් චන්ද්‍රිකාවන්ට බාධාවක් නොවන අයුරින් කක්ෂගත කරන බවත් උතුරු කොරියාව සඳහන් කර ඇත.







