වරාය පිවිසුම් ගාස්තු ඉහළ දමා ඇතැයි කොළඹ වරාය භාවිතා කරන්නෝ වර්ජනයක් හා උද්ඝෝෂණයක් අරඹා ඇති බව වාර්තා වේ.
පසුගිය නොවැම්බරයේ අයවැයෙන් වරාය පිවිසුම් ගාස්තු වැඩි කීරීමට පියවර ගෙන තිබුණී.
මේ නිසා භාණ්ඩ නිදහස් කිරීම වරායට භාණ්ඩ රැගෙන යාම ඇන හිට ඇතැයි වරාය භාවිතා කරන්නන්ගේ එකමුතුවේ කැඳවුම්කරු වී.අයි.ආබ්දීන් පවසයි.
වාප්පු ලිපිකරුවෝ, කන්ටේනර් හිමියෝ, ලොරි හිමියෝ හා කොන්ත්‍රාත්කරුවෝ මෙම වර්ජනය සඳහා එක්වී සිටිති.







