සැමියාගේ ඝාතකයන් නීතියේ රැහැනට ගෙන එන්නට විවධ පාර්ශවයන් සමග අත්වැල් බැදගෙන කටයුතු කරන තමන්ට දැන් ජිවිත තර්ජනයක් එල්ලවී ඇති බව මියගිය තැනැත්තාගේ බිරිද ශෂිකා නිශාමනී මුණසිංහ පවසයි.
තම සැමියාගේ ඝාතකයන් සොයා ගැනීමට වෙහෙසෙන මේ මොහොතේ මේ සියලු ක්‍රියාවන් නවත්නන්නැයි ඇඹිලිපිටිය ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික කාන්තාවක් සහ හිමිනමක් බලපෑම් කරන බැවින් දැන් තමන්ගේ සහ තම දියනියගේ ජිවිත ගැන බියත් ඇතැයි ද ඇය සදහන් කරයි.
මෙම ව්‍යාපාරික කාන්තාව ඇගේ හිතවත් නායක හාමුදුරු නමකගේ පදනමකින් තමන්ට මුදල් දෙන බව පවසා සැමියාගේ මරණය සම්බන්ධ කටයුතු ඉදිරියට ගෙන නොයන ලෙස ඉල්ලා සිටියේ යැයි ද ඇය කියා සිටියි.
ජනවාරි විසි අට වෙනි දින සිට තමන්ට ඇය හමු වන ලෙස දුරකතන ඇමතුම් ලැබෙන බව පවසන ශෂිකා නිෂාමනී පෙබරවාරි පළමුවැනිදා මෙම ව්‍යාපාරික කාන්තාවට නොදන්වා මවත් දියණියත් සමග ගොස් ඇය හමුවු බව ද පැවසුවාය.
මෙම ව්‍යාපාරික කාන්තාව සමාජයේ විවිධ තනතුරු හොබවන බවත් තමා මාධ්‍යවේදිනියක බවත් ඇය පැවසුවේ යැයි ද ශෂිකා නිෂාමනී ප්‍රකාශ කළාය.








