FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයෙන් පිළිකාව මඩින්න නව පිළිකා මාරයන් දෙන්නෙක්

බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන්ගේ පුරෝගාමිත්වයෙන් සිදු කෙරුණ සායනික පර්යේෂණ මගින් පිළිකා නාශක නව ඖෂධ දෙකක් සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල අනාවරණය වී ඇති බව නිවේදනය කෙරුණි.

‘මෙලනොමා’(melanoma) යනුවෙන් හැඳින්වෙන ඉතාම බරපතළ චර්ම පිළිකා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ගෙන් 60% කගේ පමණ පිළිකා සෛල විනාශ කිරීම සඳහා එම ඖෂධ වර්ග දෙක එකවර පාවිච්චි කළ හැකි බවයි පැවසෙන්නේ.
මෙම නව ඖෂධ වර්ග සක්‍රීය වන්නේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර සමගයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘යේල්’ විශ්ව විද්‍යාලයේ පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රමුඛ විශේෂඥයකු වන මහාචාර්ය රෝයි හර්බ්ස්ට්(Roy Herbst) නව සොයා ගැනීම් විග්‍රහ කරන්නේ මහත් ප්‍රයෝජනවත් ආකර්ෂණීය පියවරක් හැටියටයි.

තවදුරටත් අදහස් දක්වන මහාචාර්ය රෝයි හර්බ්ස්ට්, නව සොයා ගැනීම් සමඟ පිළිකා ප්‍රතිකාර රටාවේ වෙනසක් සිදු විය හැකි බවයි පවසන්නේ.

එහෙත් ඉහත කී පිළිකා නාශක නව ඖෂධ දෙක අතුරු ආබාධවලට හේතු විය හැකි බවට මැසිවිලි ද පළ වෙමින් පවතී.ාජජජජජ