එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ඇරඹී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්, ටෙඩ් කෘස් හා මාර්කෝ රූබියෝ අතර තුන්කොන් සටනක් පවතියි.
මේ අතර, ඩෙමොක්‍රටික් පක්ෂයේ බර්නි සැන්ඩර්ස් හා හිටපු ජනපති ආර්යා හිලරි ක්ලින්ටන් අතර ද තියුණු තරගයක් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර, ඩෙමොක්‍රටික් පක්ෂයේ තෙවැනි අපේක්ෂකයෙකු වන මාටින් ඕ මැලි තරගයෙන් ඉවත් වනු ඇතැයි බීබීසී ලෝක සේවය පවසයි.








