FAST NEWS

24×7 Around the Globe

මම හුඟක් වැරදි කරල තියෙනවනෙ මේ රටට – මහින්ද

යුද්ධය අවසන් කිරීම, රට සංවර්ධනය කිරීම වැනි වැරදි තමා සිදුකර ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය. කටුගස්තොට ගොහාගොඩ වේගිරිකන්ද ශ්‍රී සාරානන්ද මහා විහාරයේ ඊයේ (01 දා) පැවැති පිංකමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මේ දවස්වල අපට කොහේවත් යන්න පුළුවන්කමක් නෑ. ඒ තරම් අපට ප්‍රශ්න . මගේ පුතා යෝෂිත ඇතුළු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මගේ භාර්යාව  එෆ්.සී.අයි.ඩී. එකට කැඳවලා තියෙනවා. මම හුඟක් වැරදි කරල තියෙනවනෙ මේ රටට. යුද්ධය අවසන් කරලා රට නිදහස් කළා. රට සංවර්ධනය කරා ගෙන ගියා. අධිවේගී මාර්ග හැදුවා. ඒ නිසා මට ඒවට මුහුණ දෙන්න පුළුවන්.

දැන්   හාමුදුරුවරුත් සිරභාරයට ගන්න තත්වයක් ඇති වෙලා තියෙනවා . මේ සියල්ල දිහා අපි බලාගෙන ඉන්නවා විතරක් නෙවෙයි ඒ අයට අපි මෛත්‍රිය දක්වනවා.  අවසානයට මෛත්‍රීටත් මෛත්‍රිය දක්වන්න වෙන්නෙ අපිටමයි” යැයිද ඔහු පැවසීය.