FAST NEWS

24×7 Around the Globe

ජාතික නිදහස් දින සැමරුම් අද සිට.

68වන ජාතික නිදහස් දින සැමරුමේ රාජ්‍ය වැඩසටහන් අද (02) ආරම්භ වනවා. ඒ, බෞද්ධ ආගමික වතාවත්වලින්.

හෙට (03) පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වෙනවා. ජාතික නිදහස් දිනය යෙදෙන අනිද්දා එනම් පෙබරවාරි මස 4 වෙනිදා කොළඹ පොල්වත්ත ධර්ම කීර්ත්‍යාරාම විහාරස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමට නියමිතයි. එදින හින්දු, ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආගමික වතාවත් ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.