FAST NEWS

24×7 Around the Globe

සී. එස්‌. එන්. නාලිකාව සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට.

සී. එස්‌. එන්. (CSN ) නාලිකාවේ සිදුවී ඇතැයි කියන තවත් මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඊට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පවසයි.

සී.එස්‌.එන්. නාලිකාවේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්‌ෂ, සී.එස්‌.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ නිශාන්ත රණතුංග, එහි අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන රොහාන් වැලිවිට, අධ්‍යක්‍ෂ අශාන් ප්‍රනාන්දු සහ කපිතාන් දිසානායක යන අය මේ වන විට බන්ධනාගාරගත කර සිටිති.