ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මරණයට පත් වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ බිරිඳවන නිශාමලී මුණසිංහ මහත්මිය විසින් අද (01) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිට නියෝග කරන මෙන් ඇය එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.
ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ඉකුත් 27 වැනි දා උසාවියේ දී ලබා දුන් සාක්ෂිවලට අනුව සැක සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පොලීසියට නියෝග කළේ ය.








