FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂට ඇප ඉල්ලා ඉහලට පෙත්සම් තුනක්

දිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවනට ඇප දීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගය ප්‍රතිශෝධනය කර සැකකරුවනට ඇප දෙන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයේ අද නඩු තුනක් පැවැරිණි.

රාජපක්ෂ මහතාගේ එම නඩු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නඩුවේ වගඋත්තරකරුවන් වන නීතිපති හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිට ලබන අට වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළාය.