FAST NEWS

24×7 Around the Globe

මෙරට ධිවරයින් වෙනුවෙන් ඇමති රිෂාඩ් ඉන්දීයාවට.

මන්නාරම මුහුදු තීරයට ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් පැමිණීම නතර කර දෙන මෙන් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කිරීමට පසුගියදා මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණයක් ගෙන ඇත.

ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සංවර්ධන කමිටුවක් ශ්‍රී ලංකාවේදී පළමු වතාවට මෙවැනි තීරණයක් ගෙන ඇත.මෙම තීරණය සම්බන්ධයෙන් මන්නාරම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බද්යුදීන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, යුද්ධයෙන් විපතට පත් වැසියන්ට සහන සලසන බවට ඉන්දියාව නිතර නිතර පවසන්නේනම් මුලින්ම කළ යුත්තේ යුද්ධයෙන් පීඩාවට පත් මන්නාරමේ ධීවරයින්ට නිදහසේ ධීවර කර්මාන්තය සිදුකිරීමට ඉඩදී නිහඩව සිටීම බවයි.