FAST NEWS

24×7 Around the Globe

මාවතගම 13 හැවිරිදි දැරි‍යගේ මරණයට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට.

ඝාතනයට ලක් වූ බවට සැලකෙන මාවතගම 13 හැවිරිදි දැරි‍යගේ මරණය සම්බන්ධයෙන් සැකපිට දැරියගේ සිරුර හමු වූ නිවසේ පදිංචිව සිටි පුද්ගලයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ මිය ගොස් සිටියේ මාවතගම, තල්ගස්පිටිය, මොරොක්වත්ත ප්‍රදේශයේ පදිංචි කේ. විජයකුමාරි නමැති දැරියකි.

ඇ‍යගේ සිරුර නිවස අසළ පිහිටි නිවසක තිබී සොයා ගැනිණි.

එම 13 හැවිරිදි දැරි‍යගේ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (28) රාත්‍රියේ සිදු කෙරිණි.

ඒ, පිලත්ත ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ මූලිකත්වයෙනි.