ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ පහළ යනවිට මෙරට මිල ගණන් උච්චාවචනය වන පරිදි නව ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාවට නැංවීමේ තීරණය නතර වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා වී ඇති අතර එලෙස නම් ඉන්ධනවලට පමණක් නොව සෑම පාරිභෝගික ද්‍රව්‍යයක් මතම මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි අමාත්‍යවරු එහිදී පවසා ඇත.
මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් තිහටත් වඩා අඩු වී ඇති අතර ඉන්ධන මිල සූත්‍රය මේ මොහොතේ ක්‍රියාත්මක කළහොත් හදිසියේම ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියහොත් බරපතළ ආර්ථික අවුලක් නිර්මාණය වන බවද අමාත්‍යවරුන් පෙන්වා දී තිබේ.







