FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන්ගේ උසාවි අපහාස සිද්ධීයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට.

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රදීප් එක්නැලිගොඩ නඩු විභාගයේදී උසාවියට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රී රෝද රියදුරකු හා තවත් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එදින උසාවිය ඉදිරිපිට කලබල කළැයි කියන අනෙක් පිරිස ඊළඟ නඩු දිනයට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් බදාදා නියෝග කළේය.