ඇඹිලිපිටියේ සාදයක් අතරතුරදී එක්දරු පියෙකු වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලත් රත්නපුර කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිව සිටි ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න සහ ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්.ජේ. ඩයස් ඇතුළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි උසාවිය රහස් පොලීසියට නියෝග කර තිබේ.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මීට ටික වේලාවකට පෙර මෙම නියෝගය ලබාදුන් බව නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසීය.
ඒ අනූව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන සෙසු පොලිස් නිලධාරීන්ද අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පරීක්ෂණයකට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.







