2015 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ඡන්ද දායකයින් සංඛ්‍යාව 373,712 කින් වැඩි වී ඇති බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කර සිටියි.
2015 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙරට සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි 15,421,202 කි.
2014 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව එම සංඛ්‍යාව 15,047,490ක් බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, 2015 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙරට වැඩි ම ඡන්ද දායකයින් පිරිසක් ජීවත් වන දිස්ත්‍රික්කය වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කය යි.
එම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,680,887ක් ලියාපදිංචි වී ඇති බව ඔහු සඳහන් කළේ ය.
කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,640,946කි.








