FAST NEWS

24×7 Around the Globe

පිල්ලෙයාන් ලබන මස දක්වා රිමාන්ඩ් කීරිමට නියෝග.

නැගෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 10 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස චන්ද්‍රකාන්තන් පසුගිය වසරේ ඔක්තෝබර් 9 වනද අත්අඩංගුවට ගනු ලැබීය.

ජෝසප් පරරාජසිංහම් 2005 වසරේ දෙසැම්බර් මස 25 වනදා මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් පූජාවකට සහභාගි වෙමින් සිටියදී ඝාතනය කර තිබුණී.