FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටියේ තරුණයෙකු මියයාම නඩුවේ සාක්ෂි වීමසීම අද.

ඇඹිලිපිටියේ ගැටුමකින් තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම නැවතත් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (27) පැවැත්වේ.

මෙයට පෙර දින දෙකක් මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම සිදු කෙරුණු අතර පසුගියදා පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගෙන් සහ සිවිල් පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් ද සාක්ෂි විමසීම සිදු කළේ ය.

සිද්ධිය වූ දිනයේ ඇඹිලිපිටිය පොලීසියේ දුරකතන ක්‍රියාකරුගෙන් සහ උපසේවය භාර පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් සහ ජංගම මුර සංචාරයේ යෙදුණු නිලධාරියෙක් ද මේ වනවිට සාක්ෂි ලබා දී ඇති අතර ගැටුම සිදු වූ ස්ථානයේ සිටි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් ද සාක්ෂි විමසීම පසුගියදා සිදු කෙරිණි.