FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ සභාපති දේශපාලන පක්ෂවල අය වැය ඉල්ලයි.

සිය විගණනය කරන ලද වාර්ෂික ගිණුම් වාර්තා ලබන 29 වැනිදාට පෙර තමන් වෙත ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සියලු පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම් දීමක් කර තිබේ.

ඒ අනුව 2015 වර්ෂයට අදාළ සියලු විගණනය කළ වාර්ෂික ගිණුම් වාර්තා පිළිගත් දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදිය යුතු ය.

අදාළ වර්ෂයේ දී පක්ෂයට ලැබුණු සමස්ත ආදායම සහ එම ආදායම ලැබුණු ආකාරය අදාළ ලේඛනයේ සටහන් විය යුතු වේ.

එමෙන්ම එම ආදායම් කුමන කාර්යයන් සඳහා වියදම් කළේ ද යන්න අදාළ වාර්තාවේ ඇතුළත් විය යුතු ය. ජනවාරි මස 29 වැනි දිනට පෙර අදාළ වාර්තා ලබා නොදෙන පිළිගත් දේශපාලන පක්ෂ අවලංගු කිරීමට කටයුතු කරන බව ද මහින්ද දේශපි‍්‍රය මහතා පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ.