FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන් ගැන අගමැති රනිල්ගෙන් මහා නාහිමීයන්ට වාර්තාවක්.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිද්ධියට අදාළ වාර්තාවක් සකස් කරන ලෙස තමා පොලීසියට පැවැසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (26දා) පැවැසීය.

එසේම එම වාර්තාව සකස් කිරීමෙන් පසුව මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන් වෙත පිළිගන්වන බවද අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.