FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් ඉවත් වීමට පියවර තබයි.

බ්‍රිතාන්‍යය කිරීටයෙන් ඉවත් වී ජනරජයක්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්තවල ප්‍රධානීන් සංදේශයකට අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාව ජනරජයක්වීම සඳහා වූ ව්‍යාපාරය මෙහෙයවන්නේ වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ය.

ඒ සම්බන්ධයෙන් 1999 වසරේ පැවැති ජනමත විචාරණයේ දී ඕස්ට්‍රේලියානුවන් බ්‍රිතාන්‍ය මහරැජිණගේ නායකත්වය ප්‍රතික්ෂේප කිරීමට මැලි විය.

දෙවන එළිසබෙත් මහරැජිණගේ පාලන සමය අවසන් වනතුරු ඕස්ට්‍රේලියාව ඇගේ නායකත්වය යටතේ පවතිනු ඇති බව අග්‍රාමාත්‍ය ටර්න්බුල් මහතා කියා සිටී.

ඕස්ට්‍රේලියාව ජනරජයක් බවට පත්කිරීමේ සංදේශය ක්‍රියාවට නැංවූයේ බ්‍රිතාන්‍යයේ සිට ප්‍රථම වැසියන් පිරිස එරටට පැමිණීම සංකේතවත් කරන ඕස්ට්‍රේලියානු දිනයට සමගාමී ව ය.