FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල මාතලේ පෞද්ගලික බස්රථ රියදුරන් ධාවනයෙන් ඉවත් වෙයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දඹුල්ල මාතලේ පෞද්ගලික බස්රථ රියදුරන් ධාවනයෙන් ඉවත්ව විරෝධතාවක නිරත වේ.

මේ නිසා මගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි වාර්තා වේ.

දඹුල්ල මාතලේ සියලුම පෞද්ගලික බස්රථ අද (26) උදෑසන සිට ධවනයෙන් ඉවත්ව විරෝධතාවේ යෙදීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අඩාල වී තිබේ.

එම මාර්ගයේ බලපත්‍ර රහිත බස් රථ ධාවනය කිරීම, දුර ගමන් සේවා බස් රථ අනුමත නැවතුම් ස්ථානයන්ට අමතර ස්ථානයන්හි නැවැත්වීම ඇතුලු කරුණු ගණනාවකට විසදුම් ඉල්ලා මෙම වර්ජනය ආරම්භ කළ බව ඔවුහු සඳහන් කරති.