FAST NEWS

24×7 Around the Globe

හිරුණීකාගේ ඩිෆෙන්ඩර් රථයට ලක්ෂ 45 ක බැදුම්කරයක්.

දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙනයාමට යොදා ගත් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථය ලක්ෂ 45 ක වටිනාකමකින් යුතු බැඳුම්කරයක් මත මුදාහැරීමට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

අදාළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට දන්වා ඇත්තේ සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් කොට අදාළ පරීක්ෂණ වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇති බවයි.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 09 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණු නඩුවට අදාළව අධිකරණ භාරයේ පවතින ඩිෆෙන්ඩර් රථය මුදාහරින ලෙස විත්තියේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පරීක්ෂණ කටයුතු අවසන්ව ඇති බැවින් එකී ඉල්ලීමට විරුද්ධත්වයක් නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙලෙස බැඳුම්කරයක් මත ඩිෆෙන්ඩර් රථය මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාල් මහතා නියෝග කර ඇත.