FAST NEWS

24×7 Around the Globe

රක්නා ලංකා ගැන රහස් පොලීසියට නීතිපතිගෙන් උපදෙස් නෑ.

රක්නා ලංකා සමාගමේ සිදුවී ඇතැයි කියනු ලබන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන රහස් ‍පොලීසියට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව රහස් පොලීස් නිලධාරීන් විසින් අධිකරණයට දන්වා තිබේ.

අදාළ නඩුව අද (25)කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා පසුගිය වසරේ මාර්තු 11 වන දින සහ අප්‍රේල් 20 වන දින නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව රහස් පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත.

එහෙත් ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර කුමක්දැයි මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව ඔවුන් අධිකරණයට දන්වා ඇත.

ඉදිරිපත්වුණු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අදාළ නඩුව ජූනි මස 13 වන දිනට කල්තැබූ අතර එදිනට නීතිපති උපදෙස් පිළිබඳ අධිකරණය දැනුවත් කරන ලෙස නියෝග කර තිබේ.