FAST NEWS

24×7 Around the Globe

එම්.කේ.ඒ.ඩී.එස්‌. ගුණවර්ධන මහතාගෙන් හිස්වු මන්ත්‍රී ධුරය අරුණට ?

ඉඩම් ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්‌. ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ’ මහ ලේකම් අරුණ සොයිසා මහතා පත් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

මෙම තීරණය අද (25 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්‍ෂයේ නායකයන්ට දැනුම් දෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නියෝජ්‍ය නායක ශ්‍රීලාල් රෝහණ මහතා පැවැසීය.

පසුගිය මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම පත්වීම කරන බව හෙතෙම සඳහන් කළේය.

පසුගිය ආණ්‌ඩුව පෙරළා දැමීම සඳහා එජාපයේ ප්‍රධානත්වයෙන් ගොඩනැඟුණු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළ එවකට රුහුණු ජනතා පක්‍ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි අරුණ සොයිසා මහතා, යහපාලනය ඇති කිරීම සඳහා කැපවී ක්‍රියා කළ නායකයකු බවද ලාල් රෝහණ මහතා පැවසිය.