ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර එක්‌සත් ජාතික පක්‌ෂය පූර්ණ ප්‍රතිසංවිධානගත කිරීමට එම පක්‌ෂයේ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පක්‌ෂයේ ප්‍රධාන තනතුරු කිහිපය හැර දැනට අක්‍රියව පවතින නායකත්ව මණ්‌ඩලය ඇතුළු තනතුරු කිහිපයක් අහෝසි කිරීමට ද තීරණය කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අක්‍රීය තත්ත්වයේ පවතින විවිධ කමිටු සඳහා නව නිලධාරීන් පත් කිරීමට ද තීරණය කර ඇති අතර පක්‌ෂය ගම් මට්‌ටමින් ශක්‌තිමත් කිරීම සඳහා විවිධ සංවිධාන කටයුතු ක්‍රියාත්මක කෙරේ.
එසේම එජාප මහලේකම් ධුරය හෝ සභාපති වැනි ප්‍රධාන තනතුරු සංශෝධනයක් වීමට ඉඩ නැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.







