FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහජන අදහස් පෙබරවාරියේ සිට.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව දිස්ත‍්‍රික් මට්ටමින් වාචික අදහස් ලබාගැනීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එම කටයුතු පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

පෙබරවාරි මස 01 සහ 02 දා ගම්පහ සහ මහනුවර යන දිස්ත‍්‍රික්කවලදී මහජන අදහස් ලබාගැනීම සිදුකෙරෙන අතර එම මස 3 සහ 10 දා මහජන අදහස් ලබා ගැනෙන්නේ මාතලේ දිස්ත‍්‍රික්කයේදීය. කළුතර දිස්ත‍්‍රික්කයේ සහ වවුනියාව දිස්ත‍්‍රික්කයේ මහජන අදහස් ලබාගැනීම පෙබරවාරි මස 5 සහ 6 යන දෙදින සිදුකෙරෙන අතර ගාල්ල, කිලිනොච්චිය සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල මහජන අදහස් ලබාගැනීම පෙබරවාරි මස 8 සහ 9 යන දෙදින සිදුකෙරීමට නියමිතය.

පෙබරවාරී 10 සහ 11 යන දෙදින මාතර සහ මන්නාරම යන දිස්ත‍්‍රික්කවල මහජන අදහස් ලබාගැනීම සිදුකෙරෙනු ඇති. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මහජන අදහස් ලබාගැනීම සිදුකෙරෙන්නේ පෙබරවාරි මස 12 සහ 13දා ය.