FAST NEWS

24×7 Around the Globe

එජාපයේ හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පුරවයි.

එජාපයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අබ්දුල් රවුෆ් හෆීස් මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා මොහොමඩ් ෂරීෆ් තෞෆික් මහතා පත්කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් තෞෆික් මහතා 8වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ඒ පිළිබඳ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක සඳහන්ය.

එජාපයේ ජාතික ලැයිස්තුවෙන් තේරීපත්වුණු මන්ත්‍රීවරයෙකු වුණු අබ්දුල් රවුෆ් හෆීස් මහතා ඉල්ලා අස්වීමෙන් පසු ව්‍යවස්ථානුකූලව එකී මන්ත්‍රී අසුන පුරප්පාඩු වූ බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා එවීමෙන් පසු එම කොමිසම විසින් පක්ෂයේ මහලේකම්ට ඒ පිළිබඳ දන්වා, පක්ෂයේ මහලේකම් විසින් යෝජනා කර ඇති නම මෙලෙස නිල වශයෙන් පිළිගෙන තහවුරු කර තිබේ.