FAST NEWS

24×7 Around the Globe

දින නියමයක් නොමැතිව විවෘත විශ්වවිද්‍යාලය වසා දැමේ.

නාවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඊයේ(22) පස්වරුවේ සිට දින නියමයක් නොමැතිව සේවාවලින් ඉවත්ව තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපති එච්.එම්.විජිතසේන මහතා සඳහන් කළේ, ශිෂ්‍යයින් පිරිසක් සමග ඊයේ පෙරවරුවේ ඇති වූ සිද්ධියක් සමග එම තීරණය ගත් බව ය.

ඊයේ පස්වරු 3 සිට දින නියමයක් නොමැතිව විශ්වවිද්‍යාලය වසා දමා ඇති බව විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එස්. ආරියදුරෙයි මහතා පැවසීය.