දේශපාලනයට පිවිසිය යුතු බව තමන්ට හිතෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රබල විපක්‍ෂයක් තිබිය යුතු නමුත් අද එවැනි තත්වයක් නැති හෙයින් නව දේශපාලන පක්ෂයක් බිහි විය යුතුව ඇති බව ද ඔහු කියා සිටියි.
‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වුනත් කරන්න දෙයක් නැහැ. ඉතිහාසය කියන්නෙ ඒකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ නමක් පමණයි. රටක ජනතාවගේ අවශ්‍යතාව ගැන සිතීම ඊට වඩා වැදගත් කියන එකයි මම හිතන්නෙ.’ ඔහු එම ප්‍රකාශය කළේ බීබීසීය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘බණ්ඩාරනායක මහත්තය, අපේ තාත්ත එදා අලුත් පක්ෂයක් බිහි කළා. එදා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩෙනවා කියල හිටියේ නැහැනේ.’ ඔහු වැඩිදුරටත් පැවසීය.
ඡන්දෙ ඉල්ලනවද?
නව පක්ෂයක් බිහි වුවහොත් තමා දේශපාලනයට පිවිසෙන්නේ දැයි බීබීසීය විමසූ විට ඔහු සිනහ මුසුව දුන්නේ මෙවැනි පිළිතුරකි.
‘මට හිතෙනවා දේශපාලනයට පිවිසිය යුතුයි කියල.’
නව දේශපාලන පක්ෂයක් බිහි වේනම් එහි නායකත්වය භාර ගන්නා ලෙස තමන්ට ද ආරාධනා ලැබී ඇති බව ගෝඨාභය රාජපක්‍ෂ මෙහිදී ප්‍රකාශ කළේය.
අද රටේ සිටින්නේ ‘බොරුවට හදපු විරුද්ධ පක්‍ෂ නායකයෙක්’ බව ඔහු පවසයි.
නායකයා කවුද?
‘ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රබල විපක්ෂයක් තියෙන්න ඕනනෙ. ඒක අද නැති කරලා තියෙනවා. විරුද්ධ පක්‍ෂ නායකයාත් බොරුවට හදපු නායකයෙක් නෙ. පාර්ලිමේන්තුවේ ඇත්ත විරුද්ධ පක්ෂය ඒක නෙවෙයිනෙ. ඒක හින්ද අනිවාර්යයෙන්ම නව පක්ෂයක් බිහි වෙන්නට ඕන.’ හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
බිහිවන නව පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හෝ ඔහුගේ ආශීර්වාදය යටතේ වෙනත් නායකයෙකු හෝ විය හැකි බව ඔහු පවසයි.
එය සන්ධානයක් වශයෙන් ක්‍රියාත්මක විය හැකි බවද ඔහු ඉඟි කරයි.
(බිබිසි සංදේශය)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.