FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයෙන් ජීනිවා පාර්ලිමේන්තු සංගමය ලිපියක්.

මෙරට පාර්ලිමේන්තු පද්ධතිය තුළ විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට බාධා පවතින බවට පැමිණිලි කරමින් ඒකාබද්ධ විපක්ෂය අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත ලිපියක් යොමුකර තිබේ.

පක්ෂ නායකයන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ අත්සනින් යුතුව එම ලිපිය යොමුකර ඇති බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

පාර්ලිමේන්තු සභාවේදී අදහස් දැක්වීමට විපක්ෂයට පවතින අවස්ථා සීමා කර ඇති බවට අදාළ ලිපිය මගින් චෝදනා කර ඇත.

එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය කමිටුව රාජ්‍ය මුදල් කමිටුව ආදී කමිටුවල විපක්ෂයේ නියෝජනය ප්‍රමාණවත් නොවන බවටද එමඟින් චෝදනා කර තිබේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් පවතින නීතිරීති සහ සම්ප්‍රදායන් උල්ලංඝනය කර ඇති බවටද ස්විට්සර්ලන්තයේ ජිනීවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත යොමුකර ඇති මෙම ලිපියේ දැක්වේ.