යුධ සමයේදී අතුරුදන්වූ සියලු දෙනා ජිවතුන් අතර නොමැති බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (22) කිලිනොච්චියේ දී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන කමිටු රැස්විම පවත්වමින් සිටියදී දෙමළ වැසියන් පිරිසක් විරෝධතාවක නිරතවූහ.
ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි.
ඊට ප්‍රතිචාර දැක්වූ එම පක්ෂ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කරන අතර එසේ නොමැති වූවහොත් පාර්ලිමේන්තුව තුළ හඩක් නැගීමට පියවර ගන්නා බව සදහන් කර තිබේ.
සිද්ධියට මුල්වී ඇත්තේ මෙවර තෛපොංගල් දිනයේදී අග්‍රාමාත්‍යවරයා යාපනයේදී සිදු කළ කතාව බව
වාර්තා වේ.








