අධිකරණ කටයුතු කරගෙන යැමට අවශ්‍ය විද්වතුන් රට තුළ සිටින බවත් ඒ නිසා රටේ හයිබ්‍රිඩ් අධිකරණයක් (දෙමුහුන් අධිකරණයක්) ස්‌ථාපිත කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බී. බී. සී. පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඊයේ (21 දා) ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම රාජ්‍ය පාලනයට සහ අධිකරණ කටයුතුවලට ජාත්‍යන්තර මැදිහත්වීම් කිසිසේත් අවශ්‍ය නොවන බව හෙතෙම ප්‍රකාශ කර ඇත.
විදෙස් ප්‍රජාව සම්බන්ධ කර ගන්නේ රටේ ආර්ථික කටයුතුවලට සහ සංවර්ධන කටයුතු සඳහා පමණක් බව ද පැවැසූ ජනාධිපතිවරයා ඒ සඳහා ඔවුන්ට සම්බන්ධ විය හැකි බව ද පවසා තිබේ. මෙම සම්මුඛ සාකච්ඡාව ජනාධිපති නිල නිවසේදී පවත්වා ඇත.







