FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂය හා දෙමළ ඩයස්පෝරාව අතර රහස් ගිවිසුමක් – ඇමති සජීත්

ඒකාබද්ධ විපක්ෂය යැයි කියන ඒකාබද්ධ විනාශය හා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව අතර රහස් ගිවිසුමක් ක්‍රියාත්මක යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටදී පැවසීය.

‘ජනවාරි 8 මෛත්‍රිපාල ජනපතිට එරෙහිව කළු කොඩි ඔසවන්න කියන විට දෙමළ ඩයස්පෝරාවත් කළු කොඩි ඔසවන්න කියනවා. රටේ විපක්ෂය යැයි කියන පිරිස විහිළු සහගත දේශපාලන රංගනයක නිරත වෙනවා.‘