කොළඹ වරාය ව්‍යාපෘතිය තව දුරටත් ක්‍රියාත්මක වන බවත් ඒ අනුව චීන ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ දේශනයක් කරමින් චීන ආයෝජකයින්ට ආරාධනා කළේය.
ඊයේ (20) ආර්ථික සමුළුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
2016 වසරේදී ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මනින් අවතීර්ණවීමට එහි සමුළුව අතරතුරදී අගමැතිවරයා හමු වූ විදේශ සමාගම්වල ප්‍රධානීන් කැමැත්ත පළ කර ඇති බවත් අගමැති කාර්යාලය නිවේදනය කරයි.







