හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මැතිණිය බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.
ලබන 25 වන දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දී ඇති බව වාර්තා වේ.
පසුගිය රජය කාලයේ සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ලබුණූ තොරතුරකට අනුව සිදුකරන පරීක්ෂණ වල සාක්ෂි ලබාදීම සඳහා ඇය මෙලෙස ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.







