FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටියේ තරුණයා මියයැම ගැන පාර්මේන්තු විවාදයක්.

සාදයක්‌ අතරතුර පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් ඇඹිලිපිටියේ තරුණයකු මියයැමේ සිද්ධිය සම්බන්ධව ලබන 28 දා පාර්ලිමේන්තුවේදී විවාදයක්‌ පැවැත්වේ.

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්‌ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා විසින් මේ සම්බන්ධව කල්තැබීමේ විවාදයක්‌ අවශ්‍ය බවට පෙරේදා (19 දා) පැවැති පක්‌ෂ නායක රැස්‌වීමේදී ඉල්ලා තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදයක්‌ ලබාදීමට ආණ්‌ඩු පක්‌ෂය එකඟ වී ඇත.

පාර්ලිමේන්තුව ලබන 26, 27, 28, 29 යන දිනවල රැස්‌වීමට නියමිතය.