FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සේනාධිපති ගිනි අවි පෙත්සම ඉල්ලා අස්කර ගනී.

ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවා සමාගම සතු ගිනි අවි 91 ක්‌ සඳහා 2016 වර්ෂයට බලපත්‍ර නිකුත් නොකිරීමට කොළඹ දිස්‌ත්‍රික්‌ ලේකම් ගත් තීරණය අහෝසි කරන්නැයි ඉල්ලා සමාගමේ අධිපති නිස්‌සංක සේනාධිපති අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම ඊයේ (19) ඉල්ලා අස්‌කර ගත්තේය.

ඊට හේතුව වශයෙන් නීතිඥවරයා සඳහන් කළේ පෙත්සම්කරු පෙත්සමෙන් කළ ඉල්ලීම් ඔහුට මේ වන විට ලැබී ඇති බවයි. එනිසා නඩුව තවදුරටත් ඉදිරියට ගෙන යැමට පෙත්සම්කරු තීරණය කොට නැතැයි ද නීතිඥවරයා පැවසීය.