ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර ක්‍රියාත්මක වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන මෙරට වෛද්‍යවරුන් හය දෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අදාළ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත්ව ඇත.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ජාවාරමට සම්බන්ධ කොළඹ පෞද්ගලික රෝහල් 4ක වෛද්‍යවරුන් හයදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.
ජාවාරම්කරුවන් විසින් ඉන්දියාවේ සිට රැගෙන එන පුද්ගලයින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් කිහිපයකදී සැත්කම්වලට භාජනය කිරීම අදාළ වෛද්‍යවරුන් විසින් සිදුකර ඇති අතර එවැනි නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම් 60ක් පමණ ඔවුන් සිදුකර ඇති බවට ද තොරතුරු ලැබී තිබේ.
ප්‍රධාන ජාවාරම්කරු මේ සඳහා එක් වකුගඩු ලාභියෙකුගෙන් රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව ද සඳහන්ය.







