FAST NEWS

24×7 Around the Globe

ටීඑන්එ පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා උතුරු පළාත් මන්ත්‍රීන් අතර සාකච්ඡාවක්.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් හෙට(21) පැවැත්වීමට නියමිතව තිබේ.

ඉලංගෙයි තමිල්අරසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ 4ක මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකරණ කමිටුව කඩිනමින් රැස්කරන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.

ඉදිරි දේශපාලන තීන්දු තීරණ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාව සම්බන්ධයෙන් ද හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී අවධානය යොමුකරන බව ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසුවේය.